Force

♠ Posted by Unknown in at 7:36 AM

 Force





2011 වර්ෂයේ දී තිරගත වුණු අතිශය ජනප්‍රිය සිනමා පටයක්  පිළිබද කැඩපතේ ඔබට කියන්නයි මේ සූදානම. සමහර විට අපේ යාළුයොව් මේ චිත්‍රපටිය කලින් බලලා ඇති. එහෙනම් ඔයාගේ අදහස් අපටත් කියන්න. මේ චිත්‍රපටිය නැරඹුවේ නැති අපේ යාළුවොන්ට බලන්න මං පොඩි ඉඟියක් මේ චිත්‍රපටිය ගැන දෙන්නම්.
 “ෆොර්ස්“ ‍මේ චිත්‍රපටිය හින්දි සිනමාපයක් ලෙස තිරගත වූවවත් මෙහි පළමු අයිතිය හිමි වෙන්නේ ටොලිවුඩ් (තෙළිඟු) සිනමාවට. චිත්‍රපටියේ නම් නම් මතක නෑ, ඒත් වෙන්කටේෂ් එක්ක අසින් තමයි ප්‍රධාන චරිත රඟ දැක්වූවේ. ඉට පස්සේ මේ චිත්‍රපටිය “කාක්ක කාක්ක“ නමින්  කොලිවුඩ් (දමිළ) සිනමාවේ අතිශය ජනප්‍රසාදයක් හිමි කර ගත්ත අතරම ප්‍රධාන චරිත රඟ දැක්වූයේ සූර්යා සහ එයාගේ ආදරණිය බිරිඳ වන ජොතිකා සමඟයි. ඉතිං 2011 වසරේ දී ප්‍රධාන රංගනයෙන් ජොන් එබ්‍රහම් සමඟ ජෙනෙලියා ද සොයිසා එකතුව මේ චිත්‍රපටිය බොලිවුඩ් සිනමා පටයක් ලෙස එලි දැක්වෙනවා.
චිත්‍රපටිය ගැන පොඩි අදහසකුත් දෙන්නම්....:) කෙටියෙන්ම කියනවා නම් ජොන් ඒබ්‍රහම් රඟ දක්වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිළධාරියකු ගේ චරිතයකටයි. ඒ.සී.පී. යශ් වර්ධන් සහ ඔහුට මුණ ගැසෙන මායා නම් සුන්දර යුවතිය වටා ගොඩ නැගෙන අපුරු කතාන්දරයක් මේ චිත්‍රපටිය තුළ ගොඩ නැගිලා තියෙනවා. විශේෂයෙන්ම සටන් ජවනිකාවන් ඉහළ මට්ටමේ ලා සැළැකිය හැකි තරම් . මේ  චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nishikanth Kamath කියන අධ්‍යක්ෂකවරයා. ඉතිං ඔයාලටත් මේ චිත්‍රපටිය බලන්න කියලා මං ආරධනා කරනවා.

මේ චිත්‍රපටිය ඩවුලොඩ් කරන්න පුළුවන් ලින්ක් එක පහළින් ලබා ගන්න.


"ෆෝර්ස් " මෙතනින් ගන්න .

0 comments:

Post a Comment