සමුගැන්ම

♠ Posted by Unknown in


සුදුපාට මංගල ඇඳුම
නුඹේ සිරුරේ
සියුම් නාරි හැඩ අතර
මනාලික බව සං කලත්
මා වෙනුවෙන්
පැළැඳුනක් නොවන කළ
නුඹේ සුන්දරත්වය
කෙලෙස මා විදිම්ද.....?

අතීතයේ සොදුරු දවසකි දී
මා නමට එකතු කළ 
රතු පාට රෝස මල් පොකුර
අවලංගු වී ඇත අද නුඔට
පෙති එකින් එක ගලව
හමන සුළඟට එකතු කර
මිය යන අතීතයට සමු දියන්
යන්න පෙර
නුඔ සදන නව ලොවට...........



නුඹ ලඟම නුඔටම ලංව.................



ජීවිතයේ සුසුම් සුවද පොඳ
තවරන්න නුඹේ සුසුම් ලඟ
ඉඩ දෙන්න මේ ලෙසම
නවතින්න හැමදාම
නුඹ ලඟම නුඔටම ලංව.................

ජීවිතේ සොඳුරු පද පෙළ
ගලපන්න නුඹ ගැනම
ඉඩ දෙන්න මේ ලෙසම
සොඳුරු පද බඳින්නට
නුඔ ලඟම නුඔට ලංව

ජීවිතයේ සැඩ කුණාටු කඳුළු මැද
ආදරෙන් ජය ගන්න
ඉඩ දෙන්න මේ ලෙසම
ජීවිතය සොයා යන්න
නුඔ සමඟ නුඔට ලංව............

ජීවිතයේ මතක පොත
දිග හරින හැම මොහොතකම
සොඳුරු මතක පිටු අතර
රැදී ඉන්න මා ලඟම
හැමදාම මේ ලෙසම
මා ලඟම මටම ලංව.............

මියෙන මා අවසන් හුස්ම පොද අතර
දෑස් පියවෙන නිමේෂයට
මතක සැමරුම් හැම සමඟ
ආදරයේ ‍සොදුරු සිත්තමක් විලස
එන්න මා ලඟට මා වෙතම..............


ඔබ නැති ලොව ......



රාත්‍රිය මා දමායන්න දැන්වත් 
තරු එළිය සරදමක් 
සඳ නොමැති මා ලොවට 

හිරු අඹර නොමියෙන ලෙසට 
පැයුවත් රාත්‍රිය එළව
හිරු රැසට දැවෙන මා අඳුරු දිවිය 
නොපෙලනු රැස් විහිද 

හිරු සඳුට නොවන අවනත 
එළිය අඳුර තුල ගැටෙන 
හැම ධර්මතාවන් පසක් කොට 
සොයමි දිවි ගෙවනයුරු 
ඔබ නොමැති මා ලොව .....


ඇරඹුම......!

♠ Posted by Unknown

ජීවිතය කැඩපතක්........! ජීවිතය යනු ආදරය, විරහව, අත්දැකීම්, සිතුවිලි, සැමරුම් කැඩපත් කරන තෝතැන්නක්. ජීවිතයට ආදරෙන් ලං වෙන්න, ජීවිතය විඳින්න තවත් එක් ඇරඹුකි මතුපිට සිට ඇතුලාන්තය දැකීම. එසේ නම් ජීවිතය කැඩපතක සේයාවකින් ජීවිතය දකින්න එන්න “කැඩපත“ ට. Blogger Tricks